ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බවත් සේවක වැටුප් නිසි ලෙස ගෙවන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ (25දා) පාර්ලිමේනතුවට පැවැසීය.
ලාභ ලබන ආයතනයක් බවට පත්ව ගමනාගමන මණ්ඩලය ඉදිරියට ගෙන යෑමට හැකි වීම ගැන සතුටු වෙන බවත් ඔහු සඳහන් කළේය.
එසේම සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තිය අවසන් වශයෙන් සාකච්ඡාවට පවත්වාගෙන යන බවත් ගුවන් තොටුපල ආදායම වැඩිව අති බවත් ඔහු සඳහන් කළේය.
දුම්රිය මැදිරි 160 ලබාගැනීමට ඉන්දීය ණය සහනාධර යටතේ අවශ්‍ය කටයුතු සිදු කර ගෙන යන බවත් කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරන බවත් ඔහු පැවැසීය.
කොළඹ- රාගම හතරවන මාර්ගය ඉදිකරන බවත් කොළඹ රඹුක්කන මාර්ගය සංවර්ධනය කරන බවත් ඔහු පැවැසීය.
ඉලෙක්ට්‍රික් ටිකට් යන්ත්‍ර ලබාදෙන්න කටයුතු කරන බවත් පොල්ගහවෙල ද්විත්ව මාර්ගය සංවර්ධනය කරන බවත් ඔහු පැවැසීය.