හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් අද (06දා) අළුයම 5.30ට පමණ ගාල්ල දළවැල්ලේ දී මුහුදට පෙරලීමෙන් එහි ගමන්ගත් හය දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රත්මලාන ඩිපෝවට අයත් බසයකි. පොලිසිය පවසන්නේ මාතර කොළඹ ප්රධාන මාර්ගය මුහුද ආසන්නයෙන් ගමන් කරන වංගුවක් සහිත ස්ථානයක දී බසයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මේ අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් 25 දෙනකු සිටි බවත් ඉන් හය දෙනකු කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය පවසයි.