පසුගිය ජනපතිවරණ ඡන්ද සටනට ලංගම බස් රථ භාවිත කිරීම හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් මිලියන 140ක ගෙවිම මෙම මැතිවරණයට පෙරවත් ගෙවන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සඳහන් කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
මැතිවරණය වෙනුවෙන් භාවිත කරන රජයේ නිලරථ සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවීමෙන් පසු සිය ෆේස් බුක් ගිණුමට අදහස් දක්වමින් රන්ජන් මෙම අදහස් දැක්වීම කර තිබේ.