ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මොනරාගල ප්‍රදේශයේ එජනිස මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගෙන ඇති බව කැෆේ සංවිධානය පවසයි.
එසේම ඌව පළාත් සභා මැතිවරණයට අදාළව අද (14දා) දක්වා පැමිණිලි 366 ක් කැෆේ සංවිධානයට වාර්තා වී තිබෙන බව එම සංවිධානය නිවේදනයකින් කියයි.
එයින් පැමිණිලි 258 ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් සහ පැමිණිලි 90ක් බදුල්ලෙන් වාර්තා වී තිබෙන බවත් සංවිධානය වැඩි දුරටත් පවසයි.