කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ රත්නපුර බටුගෙදර ප්රදේශයේදී අද (25දා) පස්වරුවේ පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් 47 දෙනෙකු තුවාල ලබා ඇතැයි රත්නපුර පොලීසිය පවසයි.
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ රත්නපුර සිට ගෝණකුඹුර බලා ධාවනය වූ රත්නපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් හතරදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව පොලීසිය පවසයි.
රත්නපුර පොලීසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කයුතු සිදු කරයි.
අජිතලාල් ශාන්ත උදය