ශ්‍රී ලංකාවේ වැඩිපුරම නින්දා අහපාස විදින්නේ තමන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඇලහැර පැවැති උත්සවයක් ඊයේ (04දා) විවෘත කරමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම පක්ෂ භේදයකින් තොරව වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් දෙන බවත් ඔහු පැවැසීය.
“ලංකාවේ වැඩිපුරම නින්දා අපහාස විදින්නේ මමයි. ඒක සාමාන්‍යයෙන් මේ ප්රජාතන්ත්රවාදය දීලා තිබෙන නිදහසත් එක්ක දකින දෙයක්. ඒවා නොදියුණු මිනිසුන්ගේ ලක්ෂණ.මට කිසිඳු දේශපාලන පක්ෂයක භේදයක් නෑ. වැරදි කරනවානම් කවුද යූඇන්පීද ශ්‍රී ලංකාද වෙන් ඕනෑම පක්ෂයකද, පක්ෂයක් නැති කෙනෙක්ද වැරැද්දට දඩුවම් දිමත් යහපාලනයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය ලෙස මම සලකනවා.”