ශ්‍රී ලංකාවේ වන ඝනත්වය සියයට 27 හා 28 තත්ත්වයකට පත්ව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සමාජ සුරක්ෂිත, පාරසරික ආරක්ෂණ, පරිසර සම්පත් සුරකින රටක් ලෙස කටයුතු කරනවා නම්, ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 50% දක්වා ඉහළ නංවාගත යුතු බවද ඔහු පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (19දා) කෙන්ගල්ල මහා විද්‍යාලයේදී පැවැති 'තිරසාර පාසල් වැඩසටහන' ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
දේශපාලඥයන් හා විද්‍යාඥයන් පාරසරික ආරක්ෂණය නොසලකා හරිමින් කටයුතු කරන බවද ජනපතිවරයා පැවසීය.
මෙහිදී මත්ද්‍රව්‍ය පිළිබඳවද ජනපතිවරයා අදහස් දක්වමින් පවසා සිටියේ, ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් මත්ද්‍රව්‍ය සඳහා වැඩිවශයෙන් මුදල් වැයකරන බවත්, එය දුප්පත්කම ඉහළ යෑමට හේතුවක් වී ඇති බවත්ය.