ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග නිසා වාර්ෂික ව මියයන සංඛ්‍යාව 60,000කට වැඩි බවත් පිළිකා රෝගයෙන් පමණක් වාර්ෂික ව 15,000ක් පමණ මියයන බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වාර්ෂික ව රෝගීන් 15,000ක්, 20,000ක් පිළිකා රෝගීන් විදිහට ප්‍රතිකාර ලැබීමට එක්වෙන අතර ජාතියක් ලෙසට මෙය හොඳ තත්ත්වයක් නොවන අතර නරක තත්ත්වයක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනලද්දේ මහරගම ජාතික පිළිකා ආයතනයේ, පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සඳහා සවිකරන ලද නව ත්‍රිත්ව අධි බලශක්ති රේඛීය ත්වරණ විකිරණ චිකිත්සක යන්ත්‍රය විවෘත කිරීමට එක්වෙමිනි.