යුනිසෙෆ් ආයතනයේ වර්තා අනුව ඇමෙරිකාව තුළ උපතේදී සිදුවිය හැකි දරු උපත් මරණ අවදානම ශ්‍රී ලංකාව සහ යුක්රේනයට පමණක් දෙවැනි වේ.
යුනිසෙෆ් වාර්තාවට අනුව සෑම මිනිත්තුවකටම ලොව පුරා අලුත උපන් බිළින්දන් 5දෙනෙකු මිය යයි. එය වසරකට මිලියන 2.6ක් තරම් විශාල අගයක් ගනියි.
එම තත්ත්වය අතිශය අවදානම් තත්ත්වයක් සේම එයින් සියයට 80ක්ම අවස්ථා වළක්වා ගැනීමට හැකියාව තිබූ ඒවා බවටද සානාථ වේ. වසරකට මිලියනයක් බිළින්දන් තමන් පළමු හුස්ම ගත් දිනයේම අවසන් හුස්මත් ගන්නා බව එම වාර්තාවේ සඳහන් වේ. දිනකට 7000ක් බිළින්දන් මියයන බවද එහි සඳහන් වෙයි.
නව දරු උපත් මරණ සංඛ්‍යාව රටේ ආර්ථික තත්ත්වය හා සමීපව බැඳී ඇති වග මෙම වාර්තා අනුව දැකිය හැක. ජපානය, සිංගප්පූරුව සහ අයිස්ලන්තය වැනි රටවල බිළින්දන් මෙම තත්ත්වයේ අඩු අවදානමේ සිටියි. එසේම පාකිස්තානය, මධ්‍යම අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානයේ දරුවන් මෙම තත්ත්වයේ දැඩි අවදානමකට ලක්ව සිටියි.
පකිස්තානයේ උපන් දරුවෙකු පළමු මාසයේ මිය යෑමට ඇති සම්භාවිතාව ජපාන දරුවෙකුට සාපේක්ෂව පනස් ගුණයක් දක්වා ඉහළ අගයක් ගන්නා බව මෙම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් නිකුත් කළ වාර්තාව දැක්වේ.