ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය කඩිනම් කරයි
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් එළිදැක්වීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශයකට අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මේ වන විටත් සොයා ගනු ලැබ ඇති ස්වාභාවික වායු නිධි සංවර්ධන කිරීම සඳහා සුළු පරිමාණ ලංසු කැඳවීම සහ ගවේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිමත් ලංසු කැඳවීම කෙරෙහි අවධානය යොමු කරමින් දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
මන්නාරම් ද්‍රෝණියේ එම් 2 වශයෙන් නම් කරන ලද බිම් කොටසින් සොයා ගැණුනු ස්වාභාවික වායු නිධියේ අතිරේක නිධි සොයා ගැනීම සඳහා ගවේෂණය කිරීමට ලංසු කැඳවීමේ වටය 2018 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ හා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා තෝරාගත් සමාගම් සමග ගිවිසුම්වලට එළඹීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ගොඩබිම් තීරයේ ඛනිජ තෙල් ගවේෂණය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


