ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීම සඳහා සෞදි අරාබියේ පූර්ණ සහාය ලබා දෙන බව සෞදි රජ කුමරු ෆහාඩ් බින් මක්රීන් බින් අබ්දුලාසිස් මහතා සඳහන් කරයි.
මෙරට ඛනිජ තෙල් පිරිපහදු කිරීම් කර්මාන්තය යාවත් කාලීන කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මූල්‍ය සම්පත් ලබා දීමේ හැකියාව සෞදි ව්‍යවසායකයින් සතු බව ඔහු පෙන්වා දී ඇත.
ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (22දා) හමු වූ අවස්ථාවේදී රජ කුමරු මේ බව පවසා ඇත.