ලංකාවේ කලාකරුවන්ට පහරදෙමින් ප්රභූ ආරක්ෂාව යටතේ අතිවිශාල මුදලකට විදෙස් කලාකරුවන් මෙරටට ගෙන්වා සන්ධාන ආණ්ඩුව ලංකාවේ කලාකරුවන් අවතක්සේරු කළ බවට පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා ආණ්ඩුවට චෝදනා කරයි.
කිහිපදෙනෙකු හැරෙන්නට මෙරට කලාකරුවන්ගේ සහාය මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බවත්, ලංකාවේ දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයන් දේශපාලන ප්රචාරණයට යොදාගැනීම තුළින් ආණ්ඩුවේ අස්ථාවර බව පැහැදිලිවම පෙනෙන බවත් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.