ශී‍්‍ර ලංකාව සමග අතුරු ගිවිසුම් හෝ රහසිගත ගිවිසුම් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මන්තී‍්‍රවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිව්යෝක් නුවර පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ජෙරී මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ අදහස් පළ කළේය.
එහිදී, ජෙරී මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශී‍්‍ර ලංකාව අතර මේ වනවිට ණය වැඩසටහනක් කි‍්‍රයාත්මක නොවන බවය.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශී‍්‍ර ලංකාව අතර පැවති ණය වැඩසටහන 2012 වසරේ අපේ‍්‍රල් මාසයේදී අවසන් වූ බවද ඔහු පවසා සිටියේය.
මෙරට සහනාධාර කපා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවබෝධතාවකට පැමිණ ඇති බවට එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ජෙරී මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ශී‍්‍ර ලංකාව සමග අතුරු ගිවිසුම් හෝ රහසිගත ගිවිසුම් නොමැති බවය.