ලංකා ගල් අඟුරු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ඉවතට
දුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා ගල් අගුරු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කරයි.
2009 - 2016 දක්වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන මෙම ඉවත්කිරීම සිදුකර තිබේ.
එහිදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ලංකා ගල් අගුරු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැර අවශ්‍ය සංයුතිය, බලතල, වගකීම් සහ කාර්යභාරය පිළිබදව වූ වෙනස්කම් අදාළ පාර්ශවකරුවන්ගේ පුළුල් සාකච්ජාවක් තුළින් තීරණය කොට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කරන ලෙස අමාත්‍යවරයා වෙත නිර්දේශ කර ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එමෙන්ම නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා එහි වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක මහතා පත් කර ඇතැයිද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි. අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති වූයේ එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතායි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

