මේ වනවිට රෝහල් තුළ ක්‍රියාත්මක වන සංකේත වැඩවර්ජනය සියයට සියයක්ම සාර්ථකව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
රජයේ ලියාපදිංචි සහකාර වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර නිලධාරීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදී කාණ්ඩ 17කට අයත් 50,000කට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව සිටින බවද එම බලමණ්ඩලයේ සමකැඳවුම්කරු අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙම වර්ජනය නිසා බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම ඇතුළු බොහෝ කටයුතු අඩපණ වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
දුම්රිය ශ්‍රේණි කිහිපයකට වැටුප් ඉහළ දැමීමත් සමග ඇතිවූ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස, හිඟ අතිකාල දීමනා ලබාදෙන ලෙස හා අතිකාල දීමනා 'රේට්' ක්‍රමයට අඛණ්ඩව ලබාදෙන ලෙස ඉල්ලා අද (22දා) උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කටයුතු කර තිබේ.