දිවයින පුරා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා The Rattan Merchant ආයතනය විසින් නිෂ්පාදිත ආලේපන වර්ගයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට බාරදීම අද (26දා) සිදු කරන ලදී.
ඒ යටතේ එම ආලෝපන පැකට් 11250 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වෙත එම සමාගම විසින් ප්රදානය කෙරුණි.
මෙම ආලේපන ජනතාවට ද සුදූසු බවත් සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඩෙංගු රෝගී සත්කාරක සේවා සිදු කරන වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ඩෙංගු මදුරුවාගෙන් බේරා ගැනීමට මෙම ආලේපන රෝහල්වලට බෙදාහරින බව ද පවසා සිටියේය.