වසර 07 ක් තිස්සේ රෝහල් තුළ සේවය කරන කනිෂ්ඨකාර්ය මණ්ඩලවලට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබානොදීමට එරෙහිව අද (11දා) උදෑසන 6.30 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ කනිෂ්ඨ කාර්යමණ්ඩල රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සඳහන් කරයි.
එමෙන්ම කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දහවල් 11.00ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවද එම සංගමය සඳහන් කරයි.මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (11දා) දිනයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇති බවයි.