නොමිලේ අක්ෂි ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් සැලැස්මකට අනුව සිදුනොකිරීම නිසා රෝහල් 24ක ශල්‍යකර්ම නැවතී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ශල්‍ය කර්ම සිදුකරන රෝහලේ 44ක් රටපුරා තිබෙන බවත් ඉන් රෝහල් රටපුරා තිබෙන බවත් ඉන් රෝහල් 24ක ශල්‍යකර්ම සිදුකිරීම සඳහා උපකරණ ලබාදී තිබුණේ පුද්ගලික සමාගම් විසින් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
එහෙත් පෞද්ගලික අංශයෙන් අක්ෂි කාච ලබාගැනීම නවතා දැමීමත් සමග පෞද්ගලික සමාගම විසින් ලබාදුන් උපකරණ නැවත ලබාගෙන තිබෙන බවත්, මේ නිසා එම රෝහල් වල ශල්‍යකර්ම කටයුතු නැවතී තිබෙන බවද කියා සිටියේය.
නොමිලේ අක්ෂි කාච ලබාදීමට කටයුතු කළත් රජය විසින් තවමත් අදාළ උපකරණ ලබාදී නොමැති බවද සඳහන් කළේය.