ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඩුබායිහිදී අද (06දා) ආරම්භවීමට නියමිතය. රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ වන්නේ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමිනි.
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විශ්වාස කරන්නේ අබුඩාබි තණතීරුව ක්‍රියාත්මක වූ ආකාරයට ඩුබායි තණතීරුවද ක්‍රියාත්මක වනු ඇති බවත්, ඒ හරහා රංගන හේරත්ට වැඩි කඩුලු ප්‍රමාණයක් ලබාගත හැකි හැකි බවත්ය.
මේ දක්වා ලෝකයේ දිවා රාත්‍රී ටෙස්ට් තරග පහක් ක්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය මෙය වුවද, එයට ඉතාමත්ම ඉක්මනින් කණ්ඩායම අනුගත වනු ඇතැයිචන්දිමාල් විශ්වාස කරයි.
“මම දේශීය ක්‍රිකට් පිටියේදී එක් තරගයක් රෝස පන්දුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. මට දැනුණා පළමු පන්දුවාර 20-25 දඟ කැවීමක් තිබෙනවා කියා. පන්දුව පැරණි වනවිට වේග පන්දු යවන්නනට ගොඩක් සහායක් දක්වනවා. මොකද පන්දුව රිවර්ස් ස්වින්ග් වෙනවා. එය දඟ පන්දු යවන්නනට එතරම් සහායක් දක්වන්නේ නෑ.
මේ අපි රෝස පන්දුවෙන ක්‍රීඩා කරන පළමු තරගය. ඇත්තටම අපි මේ තරගයට උනන්දුයි. අපි රෝස පන්දුවෙන් එක් තරගයක් ක්‍රීඩා කළත් එය දිවා තරගයක්. මේ අපි රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන පළමු දිවා රාත්‍රී තරගය. ඒක කණ්ඩායමට හොඳ අභියෝගයක්. නමුත් මට විශ්වාසයි කොල්ලො හොඳින්ම තරගයට අවතීර්ණ වේවි. මමත් ඒ පිළිබඳ අවධානය යොමුකර තිබෙන්නේ."
චන්දිමාල් මේ බව කියා සිටියේ ඩුබායිහි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.