රජයේ රෝහල්වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය වාර්තා ඇතුළත් ඊ-හෙල්ත් කාඩ් පත් ඉදිරියේ දී හදුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමේ උත්සවයට ඊයේ (28දා) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ඊ-හෙල්ත් ව්‍යාපෘතිය අනාගත ආයෝජනයක්. ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සෑම රෝහලක්ම ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කරනවා. ජනතාවගෙන් 5000 කට එක් වෛද්‍යවරයෙක් යන සංකල්පයටත් මෙය රුකුලක් වනවා.
එම වැඩපිළිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අතර, එය සාර්ථක වී තිඛෙනවා. සුවදිව් සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් සියළු රෝග පරීක්ෂණ නොමිලයේ සිදු කරනවා. වර්තමානයේ ඇතැම් රජයේ සහ පෞද්ගලික රෝහල්වල වෛද්‍ය පරික්ෂණ සුළු රෝග වලටත් තිබෙනවා.”