කොළඹ සිට වවුනියාව බලා ධාවන කළ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය ඉසෙන්බැස්සගල ප්රදේශයේදී අද ( 18දා) උදෑසන පෙරළීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මැදවච්චිය පොලීසිය පවසයි.
මැදවච්චිය පොලීසිය පැවසුවේ බස් රථයේ රියදුරු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු අනතුරින් තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කළ බවයි.
කොළඹ සිට මුලතිව් දක්වා ගමන් කළ බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී කොළඹ වවුනියාව බස් රථයේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් බස් රථය මාර්ගය අසල බෝක්කුවක ගැටී පෙරළී ඇතැයි මැදවච්චිය පොලීසිය පවසයි.