රේල් බස් ව්‍යාප්තියට සැලසුම්
බහුල වශයෙන් මගී තදබදය ඇතිවන තදාසන්න නගර අතර රේල් බස් සේවය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මැදිරි සහිත දුම්රිය එන්ජිමක් ධාවනය කිරීමට වැයවන ඉන්ධන වියදමට වඩා රේල් බස් සේවාව සඳහා අඩු ඉන්ධන ප්‍රමාණයක් වැයවන බවත්, අඩු නඩත්තු වියදමක් මේ සඳහා දැරීමට සිදුවන බැවින් වඩා ලාභදායී ක්‍රමයක් ලෙස මෙය හඳුනාගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සතියේ දිනවල සහ සති අන්තයේ නගරාසන්නව දැඩි මාර්ග තදබදයක් පවතින බව බැවින් රේල් බස් සේවය එයට විකල්පයක් ලෙස ජනතාව අතර ජනප්‍රිය වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ වනවිට ත්‍රීකුණාමලය - ගල්ඔය, මඩකලපුව - ගල්ඔය, හලාවත - පුත්තලම, අනුරාධපුර - මැදවච්චිය, කුරුණෑගල - මහව -පේරාදෙණිය - මහනුවර, මහරගම - කොස්ගම යන නගර අතර රේල් බස් සේවාව දැනට ක්‍රියාත්මක වන බවත්,ඉදිරියේදී මීට සමගාමීව මහනුවර සිට මාතලේ දක්වාද රේල් බස් සේවයක් ආරම්භකරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

