ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස රවී ජයවර්ධන මහතා අද වැඩභාරගත්තේය. මීට පෙර හෙතෙම රූපවාහිනී සංස්ථාවේ කාලීන වැඩසටහන් අංශයේ ප්රධානියා ලෙස කටයුතු කළ අතර එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වේ. මින් පෙර සභාපති ධූරය හෙබවූ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්විය.