(VIDEO) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට අපහාස වන අයුරින් පළකළ ප්‍රවෘත්තිය නිවැරදි කරන්නැයි ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවට දැන්වූ බවත්, මේ වනවිට එය නිවැරදි කර තිබෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
තමන් ආණ්ඩුවට එක්වන බවට ජාතික රූපවාහිනිය මෙන්ම ස්වාධීන රූපවාහිනය ප්රවෘත්ති පළ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනපති අපෙක්ෂකට තමන් සහාය දක්වන ලෙසට පළකළ ප්‍රවෘත්තිය නිවැරදි කරන ලෙස ඉල්ලමින් සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමසාරිස්වෙත ලිපියකින් ඉල්ලා තිබේ.
ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පරිදි එම ප්‍රවෘත්තිය හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අපහාසයක් වූයේ නම් ඊට සමාව අයදින ලෙස ජාතික රූපවාහිනිය ඒ සඳහා ප්රවෘත්ති විකාශය මගින් ප්‍රකාශ කර සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට යැවූ ලිපිය සම්පූර්ණයෙන් කියවීමටද ජාතික රූපවාහිනිය කටයුතු කළේය.