රුහුණු විශ්වවිද්‍යාලයේ වැලිමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙන බව උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා නිවේදනයක් මගින් ප්‍රකාශකර තිබේ.
ගම්වාසීන් හා සිසුන් අතර දින කිහිපයක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාම නිසා සිසුන්ගේ ආරක්ෂාව සඳහා මෙම තීරණය ගත් බව පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
ගම්වාසීන් සමග පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත පවතින නේවාසිකාගාර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල ඉදිකර, සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඉතා ඉක්මනින් අධ්‍යන කටයුතු නැවත ආරම්භ කරන ලෙස එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් මහතා ප්‍රකාශ කර සිටියේය.