ශ්‍රී ලංකාව හා රුසියාව අතර ආරක්ෂක කටයුතු පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
අපරාධ පිළිබඳව තොරතුරු හුවමාරු කිරිම, ජීවිත හා දේපළ අපරාධ, දූෂනය, මත්කුඩු හා සම්බන්ධ අපරාධ, මුදල්මය අපරාධ යන අපරාධ වැළැක්වීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.