ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 112 ක් වටිනා සිගරට් තොගයක් අද (23දා) අත්අඩංගුවට ගන්නා ලදී.
ඩුබායිහි සිට නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබූ කන්ටේනර්යක් තුළ පෙට්ටි 400 ක සිගරට් මිලියන 4 ක් තිබී සොයාගත් බව රේගු අධිකාරී පරාක්‍රම බස්නායක මහතා පැවසීය.
මේ වර්ෂයේ රේගුව විසින් එකවර අත්අඩංගුවට ගත් නීතිවිරෝධීව ආනයනය කර තිබූ විශාලතම සිගරට් තොගයද මෙය විය. පිටකොටුව කෙයිසර් වීදියේ ව්‍යාජ ලිපිනයකට ගෙන්වා ඇති මෙම සිගරට් තොගය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද, බස්නායක මහතා සඳහන් කළේය. ඔරුගොඩවත්ත රේගු අංගණයේදී කන්ටේනරයක් විවෘත කිරීමේදී මෙම සිගරට් තොගය සොයාගෙන තිබුණි.
ඡායාරෑප - ඒශාන් ප්‍රනාන්දු