රුපියල් කෝටි තිස් පහකට ආසන්න හෙරොයින් තොගයක් අද (12දා) පුත්තලම මහාධිකරණ භූමියේදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ මහතා ඉදිරියේදි විනාශ කිරීම සිදුවිය.
මෙසේ විනාශ කළේ 2010 වසරේදී කල්පිටිය පොලීසිය මගින් කිරියන්කල්ලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණ හෙරොයින් තොගයක් බව මහාධිකරණ නිලධාරීහු පැවසූහ.
මීට අමතරව 2014 වසරේදී නවගත්තේගම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරීයෙකු සමග අත්අඩංගුවට ගත් කංසා කිලෝ දෙකක ප්‍රමාණයක්ද මෙසේ විනාශ කිරීම සිදුවිණි.