ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණ වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 156.97ක් ලෙස වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
ගතවූ දින කිහිපය පුරාම එම අගය රුපියල් 155-156 අතර අගයක පැවැති අතර, පවතින දේශපාලන අර්බුදය මේ සඳහා හේතුව වී තිබේ. ඩොලරයක ගැණුම් මිලද රුපියල් 153.19ක් ලෙස වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කරයි.