ජනතා මුදල් රුපියල් 9,162,200ක මුදලක් වියදම් කර, නාවුල අඹන් ගඟ හරහා ඉදිකළ කඩවත පාලම විවෘත කර, මාසයක් ගතවෙද්දී කැඩී ගොස් ඇති බවත්, එය කැඩී ගොස් දැනට වසරක පමණ කාලයක් ගත වී ඇති නමුත් කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැති බවද ජනතාව චෝදනා කරති.
පාලම කැඩීයාමෙන් පසු තාවකාලිකව යකඩ තහඩු දමා සවිකර ඇති අතර, එම යකඩ තහඩු මාරක අනතුරකට අතවනන බව ගම්මු පෙන්වා දෙති. කඹරව, ඇලගමුව ප්‍රදේශවල පවුල් 2220කගේ පමණ පහසුව සඳහා මෙම පාලම ඉදිකර ඇත.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම පාලම ඉදිකිරීමට මුල්ගල තබන ලද්දේ 2011.11.01 වැනි දිනයි. පාලමේ වැඩ අවසන් වී ඇත්තේ 2012.04.17 වන දිනයි.