රුපියල් කෝටි 10 ක් වටිනා විදේශීය දුම්වැටි කාටුන් හාරසියයක් ගමන් මලුවල සඟවාගෙන මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
මොවුන් තිදෙනා අද අලුයම මෙරටට පැමිණ භාණ්ඩ කිසිවක් රේගුවට ප්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සාහ ගනිද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සරත් බෝපේආරච්චි මහතා විසින් එක් අයෙකුට රුපියල් පනස්දහසක්ද අනෙක් දෙදෙනාට රුපියල් දසදහස බැගින්ද දඩ නියම කළ අතර, එම දුම්වැටි තොගය රාජසන්තක කළේය.