නාඩු සහල් කිලෝවක් රුපියල් 70කට අලෙවිකරන බවට රජය පෙරේදා (07දා) ප්‍රකාශයට පත් කළද, පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72ක් ලෙස සඳහන් කර තිබේ.
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය කමිටු විසින් සම්බා සහල් කිලෝවක් රුපියල් 80කට සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 70කට අලෙවි කළ යුතු බවට තීරණය කර තිබිණි.
එහෙත් ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 02කින් ඉහළ ගොස් තිබේ.