ටිකට් පතක මිල රුපියල් 20ක් ලෙසට මුද්‍රණය කර ලබා දෙනතෙක් ටිකට් පත් අලෙවියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත්කරන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.
දින 03කට ප්‍රමාණවත් ලෙස රුපියල් 30 යටතේ ටිකට්පත් මුද්‍රණය කර තිබෙන බැවින් ජනාධිපති නියමෙන් ටිකට් පතක මිල රුපියල් 20ක් බවට පත්කළද රුපියල් 30 ටිකට්පත් අලෙවි කරන ලෙස අදාළ ආයතන බලපෑම් කරන බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා සඳහන් කළේය.
එහෙත් වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර තිබෙන්නේ ටිකට් පතක මිල රුපියල් 20ක් කරගැනීමට බැවින් එම මිලට ටිකට්පත් ලබාදෙන තුරු අලෙවියෙන් ඉවත්ව සිටින බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.