පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ සම්මුඛපරීක්ෂණ මණ්ඩලවලට ආදිශිෂ්‍යයන් ඇතුළත් කරගත හැකි ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් වී ඇතැයි ශ්‍රී ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ළමයින් ඇතුළත් කිරීමේදී ආදිශිෂ්‍යයන් දෙමවුපියන්ගෙන් මුදල් එකතු කළ බවට චෝදනා එල්ල වූ බවත්,ඇතැම් අවස්ථාවල එම චෝදනා සත්‍ය වූ බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ නිසා 2008/41 චක්‍රලේඛය මගින් වර්තමාන ශිෂ්‍යයන්ගෙන් ආදිශිෂ්යයන්ට මුදල් එකතු කිරීම තහනම් කළ බවද ඔහු පවසා සිටියේය.
එහෙත් 17/2016 වක්‍ර‘ලේඛය තුළින් ළමයින් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට ආදිශිෂ්‍යයන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත්, මේ තුළින් බොහෝ දේ නීත්‍යනුකූල නොවන දේ සිදු වියහැකි බවත්හෙතෙම සඳහන් කළේය.