ඉන්දියන් සාගරයේ රියූනියන් දූපතට ගොඩගසා තිබියදී හමුවූ බෝයිං 777 වර්ගයේ යානාවක පියාපත් කොටස MH370 යානයේ බව මැලේසියානු අගමැති තහවුරු කරයි.
මැලේසියානු අගමැති නජීබ් රසාක් එරට රූපවාහිනිය ඔස්සේ ප්රකාශයක් කරමින් මෙම පුවත හෙළි කිරීමත් සමග මෙතෙක් කලක් ලොවට අභිරහසක් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පිළිබඳ ප්රථම නිල හෝඩුවාව නිරාවරණය විය.
“රියූනියන් දූපතෙන් හමුවූ ගුවන් යානා කොටස අතුරුදන් වූ MH370 යේ බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අන්තර්ජාතික විශේෂඥ කණ්ඩායම තහවුරු කර තිබෙනවා“ යැයි මැලේසියානු අගමැතිවරයා පවසා සිටියේය.