නාරම්මලදී ඊයේ (19දා) රාත්රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගයන් දෙදෙනෙක් මියගොස් පස් දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. නාරම්මල කුලියාපිටිය මාර්ගයේ ඕහල්පොල හන්දිය ආසන්නයේදී ත්රිරෝද රථයක් හා ජීප් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්රිරෝද රථයේ ගමන් ගත් හත්දෙනෙක් තුවාල ලබා තිබෙන බවත් ඔවුන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙක් මියගිය බවත් පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධිය සම්බනධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (20දා) කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.