වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශය රහස් මෙහෙයුමක් අරඹා ඇතැයි පරිසර සංවිධානවලින් චෝදනා
රිදියගම සෆාරි උද්‍යානයට අවශ්‍ය කොටියන් පස් දෙනෙකු අල්ලාගැනීමට යාල ජාතික වන උද්‍යානය තුළ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය හොර රහසේ මෙහෙයුමක් කිරීමට සැලැස්මක් සකස් කර ඇතැයි පරිසර සංවිධාන සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන කොටි සත්ත්වයන් වඳවී යාමේ තර්ජනයට ලක්වී තිබෙන විශේෂයක් ලෙසට හඳුනාගෙන තිබෙන බව එම සංවිධාන නියොජිතයෝ පෙන්වා දෙති.
එවන් තත්ත්වයක් තුළ ස්වභාවික පරිසරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට කොටියන් පස් දෙනෙකු ගෙන ගියහොත් කොටි ගහනයට තව තවත් තර්ජනයක් සිදුවන බවද ඔවුහු මත පළ කරති.