ළමුන් පාසල් යා යුතු උපරිම වයස හා රැකියාවකට යා යුතු අවම අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරීමට කයුතු කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පැවැසුවායා.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (08දා) පැවැති ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුමට එක්වෙමින් ඇය මෙම අදහස් පැවැසුවාය.
එසේම පාසල තුළ ළමුන්ට සිදුවන කායික හා මානසික දඬුවම් වැළැක්වීම සඳහා නීති සම්පාදනය කරන බවත් ඇය ප්‍රකාශ කළේය.