දේශපාලඥයන් පසු පස ගොස් තරුණ තරුණියන්ට රැකියා ලබාගැනීමට ඇති තත්ත්වය වෙනස් කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ ලුණුගම්වෙහෙර නගරාසන්නයේ ඉදිකෙරෙන යොවුන් සේනාංක මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.
"ඉතිහාසය පුරාම අපේ රටේ තාරුණ්‍යය දේශපාලන පාපන්දුවක් බවට පත් වෙලා තිබුණේ. දේශපාලඥයන් විසින් පෙන්වන සිහින පස්සේ ගියා මිසක් ස්වකීය ගමන් මගක් ඔවුන්ට තිබුණේ නැහැ. රජයේ රැකියාවක් ලබන්නට නම් තරුණ තරුණියන් දේශපාලඥයන්ගේ වන්දි බට්ටයින් එහෙයියන් බවට පත් වන්නට සිදු වූ යුගය අපි අවසන් කර තියෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
සූරියවැව ණුවන් ජයසේකර