තරුණ තරුණියන් 7000කට රැකියා ලැබෙන කර්මාන්ත ශාලාවක් අද පස්වරුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේදී විවෘත කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව කියයි.
ඒ.ටී.ජී. හෑන්ඩ් කෙයාර් සමාගමට අයත් කර්මාන්ත ශාලාවක් මෙසේ විවෘත කිරීමට නියමිතය. අත්වැසුම් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් මෙසේ ඉදිවෙන අතර එය කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අවසන් කර්මාන්ත ශාලාවද වෙයි.
කොග්ගල නිදහස් වෙළඳ කලාපය 1994 වසරේදී එවකට කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කර තිබේ.