ඉන්දියානු දුම්රිය පහසුකම් සැපයීමේ හා සංචාරක මණ්ඩලය එක්ව ශ්රී ලංකාවේ නුවරඑළිය හා ඉන්දියාවේ ආයෝධ්ය ප්රදේශය යාවන අයුරින් නව සංචාරයක මාර්ගයක් හඳුන්වා දී තිබේ.
ඉන්දීය රාම දෙවියන්ගේ ඉතිහාසගත කතා පුවත සිහිගන්වමින් මෙම සංචාරක මාර්ගය හඳුන්වා දී තිබේ. මෙම සංචාරක මාර්ගය දුම්රියෙන් හා ගුවන් යානයෙන් ගමන් කළහැකිවන අයුරින් නිර්මාණය කර තිබේ.
රාමායණ යාත්රාව ලෙසින් හැඳින්වෙන මෙම සංචාරක ගමනාන්තය කිලෝමීටර් 2200 ක දුරකින් යුක්ත වෙයි. මෙම සංචාරක ගමනාන්තය අනුව දුම්රියේ ගමන දින 11කින්ද, ගුවන් යානයෙන් ශ්රී ලංකාවට පැමිණි පසු ශ්රී ලංකාවේ දින පහක්ද වන අයුරින් නිර්මාණය කර තිබේ.
'ද හින්දු' ඇසුරෙනි