ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා මෙවර රාමසාන් උත්සවය සමරන්නේ සැකෙන් බියෙන් තොරව, නිදහසේ හුස්මක් ගත හැකි සමාජ වටපිටාවක් තුළ බවත්, එය සැමටම ප්‍රීතියටත්, සැනසුමටත් හේතු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කරයි.
“තම සහෝදර ජනතාවගේ දුක් වේදනා, අවශ්‍යතාවන්ට සංවේදී වෙමින්, උපකාර ලැබිය යුතු ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් පරිත්‍යාගී වෙමින්, සහෝදරත්වය, සහජීවනය ගොඩනැංවීමට රාමසාන් උපවාස කාලය විශේෂයෙන් උපකාරී වේ” යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.