ඉදිරි මාස කිහිපයක කාලය තුළ රාජ්‍ය සේවය සඳහා නිලධාරීන් 6300කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබෙන බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට 4,429ක්, ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා විවෘත, සීමිත හා කුසලතා යන පදනම්වලින් 230ක්, තොරතුරු තාක්ෂණ නිලධාරී III ශ්‍රේණිය සඳහා 640ක් බඳවා ගැනීමට නියමිතය.
එසේම අවශ්‍යතා සලකා බලා භාෂා පරිවර්තක තනතුර සඳහා ද 233ක් බඳවා ගැනෙනු ඇති බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තු කියයි.
ග්‍රාම නිලධාරි සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා පත්වීම් භාර නොගත්, සේවය අත්හැරගිය සහ මෑතකදී ඇති වු නව පුරප්පාඩු ද සලකා නවක ග්‍රාම නිලධාරීන් ලෙස පසුගිය විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් තවත් 800කට ආසන්න පිරිසක් ඉදිරි කාලයේ දී බඳවා ගැනිමට නියමිත බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.