රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමට අදාළ විවෘත තරග විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කිහිපයක් පිළිබඳව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කොට ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඊට අදාළව මතු වී ඇති ගලුවවක් සම්බන්ධ ව ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පවත්වන ලෙස අදාළ නියෝගය නිකුත් කොට තිබේ.
රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමට අදාළ විවෘත තරග විභාගයට ප්‍රශ්න පත්‍ර 5ක් තිබෙන අතර, ඉන් එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කිහිපයක් වෙනත් ප්‍රශ්න පත්‍රවලින් උපුටා ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී තිබේ.