පෞද්ගලික අංශයේදී සේම රාජ්‍ය ආයතන තුළද විදුලි කළමනාකරණය සම්බන්ධයෙන්එක් නිලධාරියෙකුට වගකීම් පවරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් ලබාදුන්නේය. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේඅද(23දා) පැවැති විදුල්කා සම්මාන උලෙළ අමතමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය. ජාතික ආර්ථිකය මෙන්ම සංවර්ධනයටද එකසේ දායක වන බලශක්තිය සුරැකීම සැමගේ වගකීම බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත්කළේය.