සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය කර ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේශ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද (22දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී ස්ථාවර නියෝග අනුව ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් දිනේශ් ගුණවර්ධන මහතා මේබව ප්‍රකාශ කළේය.
සුජීව සේනසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස එලෙස ජනාධිපතිවරයා විවේචනය කිරීමට අයිතියක් නොමැති බවත්,එය ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් බවද ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.
එබැවින් මේ පිළිබඳව සොයා බලා වහාම තීරණයක් ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.