රාජපක්ෂවරු වෙනස්වී නැති බවත් අලුතෙන් පටන් ගත යුත්තේ අලුත් අයෙක් බවත් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය. හෝමාගම ප්‍ර දේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් අද දැක්වීය.
“මහින්ද මහත්තයා අලුත් සටන් පාඨයක් ගෙනල්ලා. රටට පණ දෙන්න අලුතින් පටන් ගන්න කියලා. අලුතෙන් පටන් ගන්න ඕන අලුත් කෙනෙක්. නමුත් කිසි ම දෙයක් අලුත් වෙලා නැහැ. මහින්ද මහත්තයා, බැසිල් මහත්තයා, නාමල් මහත්තයා මේ රාජපක්ෂවරු කව්රුත් වෙනස්වෙලා නැහැ.
ජේ. ආර්. මහත්තයා පේ‍්‍රමදාස මහත්තයට නායකත්වය දුන්නා. අගමැතිකම, මන්ත්රීකම් ඉල්ලුවේ නැහැ. චන්ද්‍රිකා මැතිනියත් එහෙමයි. පස්සෙන් ඇවිත් අගමැතිකම, මන්ත්රීකම් ඉල්ලුවේ නැහැ. නමුත් මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉඳලා, ආණ්ඩුවේ නායකයා වෙලා ඉඳලා, කැබිනට් එකේ නායකයා වෙලා ඉඳලා, සේනාධිනායකයා වෙලා ඉඳලා, ආයෙමත් ඇවිත් මන්ත්‍රී වෙන්න හදනවා. මේකට එක දෙයයි කියන්න තියෙන්නේ. මේක පැහැදිළි බලලෝභීත්වයයි”