ඉංග්‍රීසීන්ට එරෙහිව පැවැති සටන් සඳහා නායකත්වය දුන් හෙළ විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති ගැසට් පත්‍ර අවලංගු කරමින්ල ඔවුන් ජාතික වීරයන් ලෙස නම් කිරීම සඳහා රජයට නිර්දේශ ලබාදීමට පංච පුද්ගල කමිටුවක් පත්කොට තිබේ.
1818 කන්ද උඩරට නිදහස් සටන හා 1848 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් හෙළ විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම්කර ඇති ගැසට් පත්‍ර මෙහිදී අවලංගු කිරීමටනියමිතයගඅධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත්කොට තිබේ.
කමිටුවේ සභාපතිනිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය පත්කර තිබේග සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය කේගඑන්ගඕගධර්මදාසල කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංගල රජයේ ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්ආචාර්ය කේගඩීගවිමලරත්න හා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.
එසේම 1818 හා 1848 ජාතික නිදහස් සටන්වලට නායකත්වය දුන් හෙළ විරුවන්ගේ පවුල්වලට සම්බන්ධ හා මේ පිළිබඳ තොරතුරු ගවේශණය කළ පුද්ගලයන් හෝසංවිධාන ඇත්නම් අදාළ තොරතුරු එම කමිටුවට ලබාදීමට අවස්ථාව දී ඇත.
අදාළ තොරතුරු 2017.02.20 දිනට පෙර ලේකම්ලඅධිකරණ අමාත්‍යාංශයල උපරිමාධිකරණ සංකීර්ණයල කොළඹ 12 යන ලිපිනයට හෝ [email protected] විද්‍යුත් තැපෑල හරහා යොමු කළ හැකිය.