මොරගස්මුල්ල සිට රාජගිරිය දෙසට ධාවනය වූ කැබ්රියක් රියදුරුට පාලනය කර ගත නොහැකිව සිදුවූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙක් තුවාල ලබා තවත් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අද (12දා) අලුයම මෙම අනතුර සිදුව තිබේ. කැබ්රිය මාර්ගයේ වම් පසින් තිබූ නිවසක තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. මිය ගිය පුද්ගලයා අවුරුදු 18ක් වන ගල්කිස්සේ පදිංචි අමාන් කිචිල් නම් තරුණයෙකි.
මේ අතර කැබ්රියට පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක්ද එම තාප්පයේම ගැටී අනතුරක් සිදුව ඇති අතර එයින් තුවාල ලත් සැකකරුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.