නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරී යෙදී සිටියදී මියගිය නිලධාරීන්ගේ යැපෙන්නනට හා ආබාධිතව විශ්‍රාම ලබා සිටින නිලධාරීන්ට 2017 නොවැම්බර් මස සිට සියලු වැටුප් හා දිමනා නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
අමාත්‍යාංශයේ හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු මැදිහත්විම මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ඒ අනුව එවැනි නිලධාරීන් අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ගෙවෙනු ඇත.
සංයුක්ත දීමනාව, යහපත් කල්ක්‍රියා දීමනාව, දුෂ්කර දීමනාව, ප්‍රථමාධාර දීමනාව ඇතුළු සියලුම දීමනා මෙහිදී ගෙවීමට නියමිතය.